Donate Your Hair For Cancer Patients In Sri Lanka Via Ramani Fernando Salons
ඔබගේ කොණ්ඩය අඟල්  8 ට වඩා දිගු නම්,
පිළිකා රෝගීන් වෙනුවෙන් දන් දෙන්නේ මෙහෙමයි 

පිළිකා රෝගය නිසා කෙස් කළඹ අහිමි වූවන්ට ස්වාභාවික හිසකෙස්වලින් කෙස් කළඹක් (විග්)
ලබාදීමේ ව්‍යාපෘතියක් 'පිළිකා සරණ භාරය' සහ 'රමණි ප්‍රනාන්දු සැලෝන්ස්' එක්ව ආරම්භ කර තිබේ.මෙහි සමාරම්භය සනිටුහන් කරමින් විශේෂ උත්සවයක් 2017-07-20 දින ප:ව 3.00 ට බොරැල්ල හරස් පාරේ පිහිටි රමණී ප්‍රනාන්දු සැලෝන් හිදී පැවැත්වුන අතර, එදින පරිත්‍යාගශීලීන් රැසක් පිළිකා රෝගීන් වෙනුවෙන් ස්වකීය කෙස් කළඹ පරිත්‍යාග කළහ.(පින්තූර පහලින් බලන්න)
                                             මෙම ව්‍යාපෘතියට අදාළ අවබෝධතා ගිවිසුම (“පිළිකා සරණ භාරය” , “රමණි ප්‍රනාන්දු සැලොන්”, ලලිත් ධර්මවර්ධන මහතා යන පාර්ශවයන් තුන අතර) අත්සන් කිරීම 2017-07-17 දින මහරගම අපේක්ෂා රෝහල අසල පිහිටි පිළිකා සරණ භාරය කාර්යාලයේදී සිදු විය. මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමටත් පෙර සිටම ව්‍යාපෘතිය පිළිබඳව තොරතුරු සැලවූ පරිත්‍යාගශීලින් සියයකට අධික පිරිසක් ස්වේච්ඡාවෙන්ම පැමිණ ස්වකීය කෙස් කළඹ දන් දී ඇති බව “පිළිකා සරණ භාරය” කෘතවේදීව සිහිපත් කරයි.
ස්වාභාවික හිසකෙස්වලින් සැකසූ කෙස් කළඹක වෙලඳපල වටිනාකම ඉතා ඉහල අගයක් ගන්නා අතර, (රුපියල් එක් ලක්ෂ අනූ දහසක් ) එක් කෙස් කළඹක් සැකසීම සඳහා පරිත්‍යාගශීලින් 8ත්-15 ත් අතර පිරිසකගේ හිසකෙස් අවශ්‍ය වෙයි. හිස කෙස් මිලි ග්‍රෑම් 500 ක ප්‍රමාණයක් රුපියල් 70,000 ක් පමණ වන බව ව්‍යාපෘතිය සඳහා සහාය දක්වන ලලිත් ධර්මවර්ධන මහතා පවසයි. (ලලිත් ධර්මවර්ධන මහතා ස්වභාවික හිස කෙස්වලින් කෙස් කළඹක් සකස් කිරීමේ හැකියාව සහ තාක්ෂණය ඇති ශ්‍රී ලංකාවේ එකම සැකසුම් ශිල්පියා ද වෙයි.)
“පිළිකා සරණ භාරය” විසින් ස්වාභාවික හිස කෙස් සැපයීමෙන් පසු රු:25,000 ක සහන මිලකට සකසන ලද කෙස් කළඹක් පිළිකා සරණ භාරය වෙත සැපයීමට ලලිත් ධර්මවර්ධන මහතා එකඟතාවය පළ කර ඇත.
මේ දක්වා බොහෝ දුරට ශ්‍රී ලංකාවේදී ස්වාභාවික හිස කෙස් වලින් කෙස් කළඹක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වූ හිස කෙස් ඉන්දියාවෙන් ආනයනය කෙරුණු අතර, මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමෙන් පසු කෙස් කළඹ අහිමි වූ පිළිකා රෝගීන් උදෙසා ස්වකීය හිස කෙස් පරිත්‍යාග කිරීමට ශ්‍රී ලාංකික පරිත්‍යාගශීලින්ට අවස්ථාව සැලසේ.

අවශ්‍යතා :
පහත රූපයේ ආකාරයට "පෝනි ටේල්" ලෙස නම් වූ ආකාරයෙන් සැකසූ විට ඔබගේ කෙස් කළඹේ අවම දිග අඟල් 8 ක් විය යුතුයි.
Donate Your Hair For Cancer Patients In Sri Lanka Via Ramani Fernando Salons

එසේ අවම දිග නිර්ණය කරගත් පසු ලගම ඇති රමණි ප්‍රනාන්දු සැලෝන් එකකට දුරකථන ඇමතුමක් ලබා දී දිනයක් සහ වෙලාවක් වෙන් කරගන්න.(දුරකථන අංකයන් සහ ස්ථාන පහත රූප සටහන් වලින් සොයා ගත හැක).ඔබගේ කෙස් කළඹ පරිත්‍යාග කල පසු සහතික පතක්ද ලැබෙනු ඇත.ඉතුරු වන ඔබගේ කෙස් කළඹ නියමිත ආකාරයට මුහුණට ගැලපෙන ලෙස සකසා දෙනු ඇත.කාන්තා පිරිමි දෙපක්ෂයටම මේ සඳහා ඉදිරිපත් විය හැක.
Donate Your Hair For Cancer Patients In Sri Lanka

Donate Your Hair For Cancer Patients In Sri Lanka Via Ramani Fernando

 ස්වාභාවික හිස කෙස් වලින් සකසන ලද කෙස් කළඹක් ලබා ගැනීමට අපේක්ෂා කරන පිළිකා රෝගය වැළදුනු අයවලුන්ට සහ
· සිය කෙස් කළඹ දන් දීමට කැමති පරිත්‍යාගශීලින්ට පහත අංකයෙන් වැඩි දුර විස්තර “පිළිකා සරණ භාරය” ඇමතීමෙන් ලබා ගත හැක. 011-2363211
email ලිපිනය : ramanif@gmail.com

Donate Your Hair For Cancer Patients

cancer patient sri lanka

ramani fernando

donate hair

cut hair girl

donate hair

donate hair ramani fernando

donate hair male ramani fernando

cancer patient ramani fernando cancer patient


Related Posts:

Visitor Counter

Short News

Hot Posts

Social