The truth about the Rakhine situation in MYANMAR (Burma) By Shwe Eain Si
රෝහින්ග්‍යා ත්‍රස්තයන්ට එරෙහි වූ නිසා
හිටපු සුරූපී රූ රැජිනගේ සම්මානය අහෝසි කරයි
වීඩියෝව මෙතැනින්


රෝහින්‍යා සන්නද්ධ කණ්ඩායම්වලට චෝදනා කරමින් වීඩියෝ පටයක් නිර්මාණය කිරීම හේතුවෙන් "රූ රැජින සම්මානය" අහිමිවූ රූ මියන්මාර් රැජිනක් (Miss Grand Myanmar) පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
‘රකයින්’ පළාතේ රෝහින්ග්‍යා ත්‍රස්තයන් විසින් සිදු කෙරෙමින් පවතින ප්‍රචණ්ඩ ක්‍රියා එම වීඩියෝවේ ඇතුලත්ව තිබෙනවා.Shwe Eain Si නමැති 19 හැවිරිදි ඇය විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ සංවිධායකයන් විසින් අදාළ වීඩියෝව හරහා කොන්දේසි උල්ලංඝනය වී ඇති බවට දැනුම් දී ඇය ජයග්‍රහණය කර තිබූ රූ රැජින කිරුළ අහෝසි කර ඇති බවයි.

ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ පුරවැසියකු හැටියට ජාතිය වෙනුවෙන් ඇත්ත කතා කිරීම සඳහා සිය සමාජ බලය පාවිච්චි කිරීමට තමා බැඳී සිටින බවයි.

'අර්සා' සන්නද්ධ කණ්ඩායම් මියන්මාර් ආරක්ෂක මුර පොළවලට එල්ල කරන ලද ප්‍රහාර සමඟ පසුගිය අගෝස්තු 25 දා පටන් 'රකයින්' පළාතේ පැතිර ගිය ප්‍රචණ්ඩ ගැටුම් නිසා ලක්ෂ පහකට අධික රෝහින්ග්‍යා ජනතාව අසල්වැසි බංග්ලාදේශයට පළාගියා.

කෙසේ වෙතත් ඒ පිළිබඳව අදහස් දක්වමින් මියන්මාර හමුදාව ප්‍රකාශ කරන්නේ තම ඉලක්ක බවට පත්ව ඇත්තේ රෝහින්ග්‍යා සන්නද්ධ කණ්ඩායම් පමණක් බවයි.

එම තත්වය පිළිබඳව Shwe Eain Si විසින් සැකසූ ඇයගේ ෆේස්බුක් පිටුවේ ඇති වීඩියෝව පහතින් බලන්න. තම රට ජාතිය වෙනුවන් කථා කරන ඇයගේ ෆේස්බුක් පිටුව මෙතැනින් ලයික් කරන්න.
 

Subscribe here

Related Posts:

below ad

ramith rambukwella pre shoot
gossip lanka news

Visitor Counter

Short News

Hot Posts

Social