New Vehicle at Horana Base Hospital
හොරණ මූලික රෝහලේ තියෙන 
අපූරු වාහනේ මෙන්න 
ලංකාවේ නිර්මාණයක් 

හොරණ මූලික රෝහල තුල රෝගීන් ප්‍රවාහනයට සැදූ අපූරු වාහනයේ විස්තරයි මේ.දිනකට රෝගීන් 500 ක් පමණ හොරණ මූලික රෝහලට පැමිණෙන අතර එහි
බාහිර රෝගී අංශයේ සිට වාට්ටුවලට රෝගීන් ගෙන යාමට කොරිඩෝවක් පවතී.අවසාන වාට්ටුවට බාහිර රෝගී අංශයේ සිට දුර කිලෝමීටරයක් පමණ පවතින අතර එම දුර රෝගීන්ට යාමට සිදුවීම පීඩාකාරී තත්වයක් වී තිබුණි.රෝහල් බලධාරීන් පවසන්නේ බොහෝ කලක සිට ඒ සඳහා විසදුමක් සෙවූ බවත් ඒ වෙනුවෙන්ම නිර්මාණය කර ඇති වාහන මිල අධික බවත් ගොල්ෆ් කාට් එකක් මිලදී ගැනීමට නම් ලක්ෂ 12 ක් පමණ වැයවන බවත්ය.

 මෙම ප්‍රශ්න වලට විසදුමක් ලෙස ප්‍රදේශයේ ඉංජිනේරුවරයෙකු වන මලිංක ගුණසේකර මහතා විසින් අත්හදා බැලීමක් ලෙස මෙම රථය නිපදවා ඇති අතර මූල්‍ය  ප්‍රතිපාදන ලෙස ලක්ෂ 2.5 ක පමණ මුදල් ලබා දී තිබෙන්නේ අමරලාල් කරුණාරත්න මහතා විසිනි.වරකට දෙදෙනෙකුව මෙහි තබා ගෙන යා හැකි අතර රෝහලේ සෑම වාට්ටුවකටම එමගින් ගමන් කිරීමේ හැකියාව ඇත.ගමන් වාර කිහිපයක පරීක්ෂණයකින් පසුව මේ වන විට රෝහලේ කටයුතු සඳහා මෙම වාහනය යොදා ඇත.

සාමාන්‍ය ඉලෙක්ට්‍රික් බයික් එකක යොදා ඇති කිලෝ වොට් 1.2 ක මෝටරයක් සහ බැටරි 6 කින් ක්‍රියාත්මක වන මෙම වාහනයේ අනෙකුත් කොටස් සාමාන්‍ය මෝටර්සයිකල් වල තිබෙන කොටස්වේ.නිපදවීමට මාසයක කාලයක් ගතව ඇත.

මෙහි ඉංජිනේරු මහතා පවසන්නේ කවුරුන් හෝ ඉල්ලීමක් සිදු කළහොත් මෙවැනි වාහනයක් නිපදවීමට සහයෝගය ලබා දිය හැකි බවයි.

වීඩියෝව පහලින් බලන්න

Subscribe here

Related Posts:

Visitor Counter

Short News

Hot Posts

Social