Bond scam indictment Paper (Arjun Aloysius)
පිටු ලක්ෂ 10 යි
බැඳුම්කර නඩුවත් ඉවරයි 

පිටු ලක්ෂ 10 යකින් යුත්  බැඳුම්කර අධිචෝදනා පත්‍රය නිකුත් කර ඇත.ඇත්තටම මෙය පත්‍රයක් නොව පොතකි.එහෙමත් නැත්නම් පුස්තකයකි.

මෙහි ලේඛන වෙළුම් 15 ක් හා බැඳුම්කර කොමිසමේ කාර්ය සටහන් අඩංගු වෙයි.විත්තිකරුවන් 10 දෙනෙකු පිලිබඳ චෝදනා 23ක් අඩංගු වෙයි.එලෙසම
බස්නාහිර පළාත් කොළඹ පිහිටි ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ ගොනු කරන ලද
කරුණු අතර සැකකරුවන් 115 දෙනකුගෙන් යුක්ත හා නඩු භාණ්ඩ 236කින් සමන්විත චෝදනා 23කින් පූර්ණ වූ අධි​චෝදනා පත්‍රයක් අඩංගු වේ.මෙලෙස ලංකා ඉතිහාසයේ මහින්දාගමනයෙන් පසු ලොකුම පුස්තකය බිහිවී ඇත.

bond scam Arjun Aloysiusපිටු ලක්ෂ 10ක් යනු සුළු පටු ගණනක් නොවේ.A4 කොළ පැකට් එකේ ඇති කොළ ගණන 500කි. එලෙස බැලූ විට මෙම අධිචෝදනා පත්‍රයට භාවිත කළ යුතු ෆොටෝ කොපි කොළ පැකට් ගණන 2000 ක් වේ.මෙය උසින් ගතහොත් අඟල් 4000කි.එසේත් නැතිනම් අඩි 333ක් උස වේ. මෙහි සහතික පිටපතක් ඔබට ගැනීමට අවශ්‍ය වුවහොත් එක් කඩදාසියකට අවම වශයෙන් ​ෆොටෝ කොපි ගාස්තුව රුපියල් පහක් ලෙස සැලකුවොත් ෆොටෝ කොපි ගාස්තුවට ලක්ෂ පනහක් වේ.

මෙම ලේඛන සම්භාරය ගරු අධිකරණයට යොමු කරන්නේ කෙසේදැයි ප්‍රායෝගික ප්‍රශ්නයක් පැන නගී.ඊට හේතුව නඩු චේම්බරමක් මෙම නඩු ලේඛන ටික තබා ගැනීමටවත් ප්‍රමාණවත් නොවීමය. එවැනි තත්ත්වයක් උදාවුවහොත් වේදිකාවක් මෙන් අධිකරණ නඩු ශාලාවේ බිමේ ලේඛන සම්භාරය අහුරා ඒ මත මේස පුටු තබා නඩුව විභාගයට ගත හැකිය.

බැඳුම්කර නඩුවේදී නීතිඥයකු ස්වාමීනි,මෙම නඩුවේ පළමු සාක්ෂිය ලෙස පිටු අංක එක් ලක්ෂ විසිපන්දහස් තුන්සිය තිස්තුනක්, දෙවැනි සාක්ෂිය ලෙස පිටු අංක පන්ලක්ෂ දාහත් දහස් තුන්සිය තිස් තුනක්, තෙවැනි සාක්ෂිය ලෙස පිටු අංක නවලක්ෂ විසි තුන්දහස් හත්සිය හතළිස් හතක් ලෙස පිටු අංක දෙතුන් සියයක් සාක්ෂි ලෙස ඉදිරිපත් කළහොත් නඩුකාරතුමාට සිදුවන්නේ සියලු කටයුතු අත්හිටුවා ඒවා සත්‍ය දැයි විමසා බැලීමටය.

මෙම බැඳුම්කර ලේඛන සමූහය සමග මෙරට නම් දරා සිටි දැවැන්ත ග්‍රන්ථයක් වන මහාවංශය, පන්සිය පනස් ජාතක පොත මෙන්ම ත්‍රිපිටකයද තැබූ වාර්තාද අවලංගු වෙයි. දැන් බැඳුම්කර නඩුව වෙහෙරක් වැනිය. මෙතෙක් පැවැති සියලු දැවැන්ත නඩු අග්ගලා ගෙඩියක් තරම් කුඩාය. වෙහෙර ගිල්ල එකාට අග්ගලාව කජ්ජක්දැයි බැඳුම්කර නඩුවට පෙනී සිටින නීතිඥ මහතුන්ට උසාවියේ තර්ක කළ හැකිය.

මේ බැඳුම්කර නඩු ලේඛන මහජන ප්‍රදර්ශනය සඳහා පසුව ජාතික කෞතුගාකාරයේ තැන්පත් කළ හැකිය. එය ජාතික ලේඛනාගාරයේ ලියාපදිංචි කරන්නේ නම් ඒ වෙනුවෙන් ජාතික ලේඛනාගාරයේ වෙනම කුටි කිහිපයක් අලුතින් ඉදිකිරීමට සිදුවනු ඇත.

ගරු අධිකරණයේදී අර්ජුන මහෙන්ද්‍රන්ට මෙම ලේඛන කියවා තේරුම් කර දුනහොත් එය අවසන් වන විට මහෙන්ද්‍රන්ගේ වයස අවුරුදු 100ද ඉක්ම යනු නියතය. පැරණි සුප්‍රකට නඩු වාර්තා මුද්‍රණය කොට බෙදාහැරෙන පොත් මුද්‍රණ ව්‍යාපාරයක්ද ලංකාවේ ඇත. නඩුවලදී සාක්ෂි ලෙස යොදා ගැනීමට හා නීති සිසුන්ගේ අධ්‍යයන කටයුතු සඳහා උපයෝගි කර ගැනීමට මෙම කෘති උපයෝගි වේ.එහෙත් මෙම බැඳුම්කර ලේඛන සමූහය කිසි දින අධ්‍යයනයට පොතක් ලෙස නිකුත් නොකෙරෙනු ඇත්තේ එහි ඇති දැවැන්ත භාවය නිසාමය.

ලංකාවේ කලක් රැල්ලට මෙන් පැතිර ගියේ ‘‘ගිනස් පොතට’’ යන්නට වාර්තා තබන්නටය. දැන් ඉතින් ලංකාව තරඟයක් හෝ කිසිම උත්සාහයක් නැතිවම ගිනස් පොතට යනු ඇත්තේ ලෝකයේ ලොකුම නඩු ලේඛනය තිබෙන අධිකරණය ඇති රට ලෙසය.

- අරුණ
බැඳුම්කර වංචාව ,bandumkara wanchawa
>
Related Posts:

Funny Gossip

Gossip Lanka epaper

Search Gossip Lanka Viral news

Gossip Lanka Viral News Latest News

Gossip Lanka

Gossip Lanka(30Days)

Archive