Horowpathana 'Utiya' who assaulted 2 Little Buddhist Monks, Arrested
කුඩා සාමණේර හිමියන් දෙදෙනෙකුට 
පහරදුන් "උටියා" 
කොටුවෙයි (VIDEO)

කුඩා සාමණේර හිමියන් දෙනමකට එක්තරා පුද්ගලයෙක් විසින් අමානුෂීය
ලෙස පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා බොහෝ දෙනාගේ අවධානයට ලක්වුනා. ඒ අනුව අදාල පහරදීම සිදුකළ බවට සැකකරන පුද්ගලයා ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබෙන අතර රක්ෂිත බන්ධනාගර ගත කර තිබේ.

හොරොව්පතාන පොලිසිය විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.අදාළ සැකකරු අද(11) පදවිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරව සැප්තැම්බර් 24 දා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කර තිබේ. 

මෙලෙස සාමණේර හිමියන් දෙනමට පහර දී ඇත්තේ ගම්මැද්දේ චමින්ද ගලබොඩ නොහොත් උටියා නම් නමැති අයෙකු බවද පොලිසිය සඳහන් කරන අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය මගින් හා සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමග හොරොව්පතාන පොලිසිය විසින් සැකකරුව හඳුනා ගෙන ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.

එම පුද්ගලයා විසින් අදාළ සාමණේර හිමියන් විසියන් යම් කිසි දෙයක් සොරකම් කළ බව පවසමින් මෙම පහරදීම සිදුකරන බව අදාල වීඩියෝවෙහි දැක්වෙන  අතර එහිදී ඒ අසල සිටි පුද්ගලයෙකු මෙම පහරදීම වීඩියෝ කර සමාජ මාධ්‍ය ජාල වෙත යොමුකර තිබුණා.ඇතැම් පුවත්පත් ප්‍රකාශ කරන්නේ ටොෆි දෙකක් හොරකම් කර ඇති බවය.ඇතැම් පුවත්පත් පවසන්නේ චොකලට් හොරකම් කර ඇති බවය.
 
>
Related Posts:

Funny Gossip

Gossip Lanka epaper

Search Gossip Lanka Viral news

Gossip Lanka Viral News Latest News

Gossip Lanka

Gossip Lanka(30Days)

Archive