E-Sports Declared As An Official Sport In Sri Lanka gazette issue
ESPORTS ශ්‍රී ලංකාවේ 
නිල ක්‍රීඩාවක් බවට පත් වෙයි.
-ගැසට් එක මෙන්න 

E-sports ශ්‍රී ලංකාවේ නිල ක්‍රීඩාවක් බවට පත් කිරීම ක්‍රීඩා අමාත්‍යංශය විසින් සිදු කර තිබෙනවා.සැප්තැම්බර් මස 23 වන දින විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මෙය නිල වශයෙන් ගැසට් කර ඇති අතර එය ඔක්තෝම්බර් මස 2 වන දින නිල වශයෙන් නිකුත් වී තිබෙනවා.
ESports හෙවත් Electronic Sports යනු වීඩියෝ ක්‍රීඩා කිරීමෙන් තරඟ කිරීමයි.විශේෂයෙන් පරිගණකය සහ ජංගම දුරකථනය මේ සඳහා යොදා ගනියි.දකුණු ආසියාතික රටවල් අතරින් Esports නිල වශයෙන් ක්‍රීඩාවක් බවට පත් වී ඇති එකම රට ශ්‍රී ලංකාව වන අතර එමගින් ශ්‍රී ලංකාව තරඟකාරී පරගණක ක්‍රීඩා, ක්‍රීඩාවක් ලෙස හඳුනාගත් දකුණු කොරියාව, ප්‍රංශය වැනි රටවල් කිහිපය අතරට එකතු වී ඇත.

මෙම ප්‍රකාශනයට ප්‍රධානම හේතුව ලෙස දශකයකට ආසන්න කාලයක් Sri Lanka Esports Association සහ Gamer.LK මගින් ගත් උත්සාහය පෙන්වා දිය හැක. නිරන්තරයෙන් දිවයින පුරා Esports ඉසවු සංවිධානය කරමින් ශ්‍රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන ක්‍රීඩාව බවට Esports පත් කළේය. එපමණක් නොව ලඟදි නිමා වූ Inter-School Esports Championship හි සුදුසු කම් ලැබීමේ තරඟාවලියට මෙතෙක් පාසල් මට්ටමේ ක්‍රීඩා ඉසව්වකට සහභාගී වූ වැඩිම පාසල් සංඛ්‍යාව වාර්තා කරමින් පාසල් 150 වඩා වැඩි ප්‍රමාණයක් සහභාගී විය.

මීට ඉහතදී ජාතික ඔලිම්පික් කමිටුව මගින් Esports ක්‍රීඩාවක් ලෙස අනුමත කර ඇති අතර 18 වන ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වීමේදී ඔවුන් ඔවුන්ගේ පූර්ණ සහයෝගය ලබා දෙන ලදී. මෙම ආසියානු ක්‍රීඩා උළලේදී Esports ප්‍රදර්ශනාත්මක ක්‍රීඩාවක් ලෙස එක කර තිබිණි.

#ESports පිලිබඳ සිංහල වීඩියෝ සහ වෙබ් අඩවිවල ලින්ක් සඳහා පහලට යන්න.

නිකුත් කල ගැසට් නිවේදනය පහතින්

ESports Sinhala Gazette
E-Sports Official Sport In Sri Lanka

Esports English Gazette
esports gazette sri lanka
ESport Gazette Sinhala,English

ලංකාවේ ප්‍රධාන ESports පරිගණක ක්‍රීඩා අතරට පහත ක්‍රීඩා අයත් වෙයි..


  • Call of Duty 4 (PC)
  • Counter-Strike Global Offensive (PC)
  • Special Force 2 (PC)
  • Overwatch (PC)
  • Dota 2 (PC)
  • League of Legends (PC)
  • Fifa 19 (Playstation)
  • Injustice 2 (Playstation)
  • Project Cars 2 (PC)
  • Tekken 7 (Playstation)
  • Clash Royale (Mobile)


Videos
 
 
dx
ESports ශ්‍රී ලංකාවේ වෙබ් ලිපින :
                     http://esports.lk/
                     https://gamer.lk/
                     https://www.slt.lk/esports/
හැම සිකුරාදාම නිකුත්වන ගැසට් එක මෙතැනින් නොමිලේම බලන්න.
>
Related Posts:

Funny Gossip

Gossip Lanka epaper

Search Gossip Lanka Viral news

Gossip Lanka Viral News Latest News

Gossip Lanka

Gossip Lanka(30Days)

Archive