TNL Support for Gotabhaya Rajapaksa [News VIDEO]
TNL නාලිකාවෙන් 
සජිත්ට බනින හැටි 
[VIDEO]

2020 ජනාධිපතිවරණයේදී ජනතාව විශ්වාස කළ යුත්තේ උපන් බිම රකින
ගෝඨාභය රාජපක්ෂ මහතා තරග වදින කඳවුරද නැතිනම් NGO මත යැපෙන
සජිත් ප්‍රේමදාස මහතාගේ කඳවුරදැයි තීරණය කළ යුතු බව TNL රූපවාහිනිය ඔක්තෝම්බර් 1 වනදා රාත්‍රී 6.55 ප්‍රවෘත්ති විකාශයේදී විකාශය කොට ඇත.

තිස් වසරක සාප කාරී යුද්ධය බලයට පත් කිසිදු රාජ්‍ය නායකයෙකුට අවසන් කිරීමට නොහැකි වූ බවත් මහින්ද රාජපක්ෂ රජය එය අවසන් කළ බවත් කෘතගුණ දත් කිසිදු ශ්‍රී ලාංකිකයෙකු එය කිසිදා අමතක නොකරන බවද එම විකාශයෙහි සඳහන් වෙයි.

මෙරට යුද බිය දුරු කළ එකී පාලනයේ ආරක්ෂාව භාරව සිටි ප්‍රබල චරිතය අන් කිසිවකු නොව රණකාමී වීරවරයෙක් වන ගෝඨාභය රාජපක්ෂ බවද නාලිකාව කියා සිටියේය.

රටට හෙනයක් වූ සම්පුර්ණයෙන්ම සිංගප්පූරු පුරවැසියෙකු වූ අර්ජුන් මහේන්ද්‍රන්ගේ පුරවැසිකම ප්‍රශ්නයක් කර නොගත් චන්ද්‍රගුප්ත තේනුවර හා ගාමිණී වියන්ගොඩ රට රැකගත් ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිකම ගැන ප්‍රශ්න කරන බවද වීඩියෝවෙහි සඳහන් වෙයි.

TNL නාලිකාව අයත් වන්නේ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සහෝදරයා වන ශාන් වික්‍රමසිංහ මහතාටයි.

සම්පූර්ණ වීඩියෝව පහලින් බලන්න

full news
>
Related Posts:

Funny Gossip

Gossip Lanka epaper

Search Gossip Lanka Viral news

Gossip Lanka Viral News Latest News

Gossip Lanka

Gossip Lanka(30Days)

Archive